බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT)

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

මෙම පිටුව සමහර කොටස් TobaccoTactics.org වෙබ් අඩවියෙහි British American Tobacco (BAT) පිටුවෙන් උපුටා ගන්නා ලදී.

පසුබිම

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) වර්ෂ 1902 දී එක්සත් රාජධානියේ රාජකීය දුම්කොළ සමාගම හා එක්සත් ඇමරිකන් ටුබැකෝ සමාගම ඒකාබද්ධ කර ස්ථාපිත කරන ලදී.[1] මුලස්ථානය ලන්ඩන් නුවර පිහිටා ඇති අතර ව්‍යාපාර මෙහෙයවීම් යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍ර්‍රෙිලියාව, ආසියාව, අප්‍ර්‍රිකාව ආදී කලාපවල සිදුකෙරේ.[2][1] බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) විසින් දුම්කොළ වෙළඳ නාම වර්ග 300 ක් ලොව පුරා වෙළඳපොළ 180 ක විකුණුම් කටයුතු සිදුකරන අතර, ගෝලීය දුම්කොළ වෙළඳපොළේ 15% ක කොටස් ප්‍රමාණයක් එය සතුය.[3]

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ (BAT) වෙබ් අඩවියේ සඳහන් වූ පරිදි එම සමාගමේ ගෝලීය ව්‍යාප්තිය [4]

ජාත්‍යන්තර සහයෝගීතාවන්

2017 දී, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) වෙනත් දුම්කොළ සමාගම් තුනක් සමග ජාත්‍යන්තර සහයෝගීතාවන් පැවතිණි; ;[5]

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) පහත සඳහන් සිගරට් නිෂ්පාදනය නොකරන දුම්කොළ සමාගම්වල ද හිමිකාරීත්වය උසුලයි.

  • සී.එන්. ක්‍ර්‍රියේටිව් සමාගම - ඉලෙක්ට්‍රොනික සිගරට් සහ නිකටින් ආදේශන ප්‍රතිකාර නිෂ්පාදනය කරයි.
  • Fiedler & Lundgren - දුම්කුඩු නිෂ්පාදනය කරයි
  • නිකොවෙන්චර්ස් ලිමිටඩ් - නියාමන අනුමත කරන ලද නිකටින් නිෂ්පාදන නිෂ්පාදනය කරයි

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) අනුබද්ධ අනෙකුත් පුද්ගලයින් හා ආයතන පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර TobaccoTactics.org වෙබ් අඩවියෙහි British American Tobacco (BAT) පිටුවට පිවිසෙන්න.

දුම්කොළ හා දුම්කොළ නිවාරණය සම්බන්ධ කටයුතු

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) පහත සඳහන් ක්‍රියාවල නිරත වන බවට ගෝලීය වශයෙන් සාක්ෂි පවතී;[6]

  • කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට තම නිෂ්පාදන අලෙවියට මතභේදාත්මක උපාය මාර්ග භාවිතා කිරීම.
  • ඔවුන්ගේ නිෂ්පාදන අලෙවියට තරුණ පරපුර ඉලක්ක කිරීම.
  • දුම්කොළ පාලන කටයුතුවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හෝ නඩු පැවරීමේ තර්ජනයන් මගින් රජයන් බිය ගැන්වීම.
  • දුම්කොළ ආශ්‍රිත ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීම සඳහා පෙරමුණු කණ්ඩායම් (Front Groups) යෙදවීම.
  • ආයතනික සමාජ වගකීම් වැඩසටහන් (Corporate Social Investments - CSR) මගින් බලපෑම් කිරීම.
  • දුම්කොළ ආශ්‍රිතව සිදුවන අහිතකර බලපෑම් සම්බන්ධ විද්‍යාත්මක සාක්ෂි කෙරෙහි සැක ඇතිකිරීම් හා ඒවා සොයාගන්නා පර්යේෂකයින් අපකීර්තියට පත්කිරීම.
  • දුම්කොළ හොර ජාවාරම් හා සම්බන්ධ වීම. [7]

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT)

ශ්‍රී ලංකාවේ සිගරට් වෙළඳපොළ ඒකාධිකාරය හිමි සමාගම වන ලංකා දුම්කොළ සමාගම (CTC), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි (BAT) අනුබද්ධ ආයතනයකි. බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සිය මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලද්දේ 1904 දී ය. එවකට ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබුවේ සිලෝන් නමිනි.[8] එය 1952 දී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තු ගත කළ අතර, වසර 2016 වන විට එයින් 84% ක කොටස් හිමිකාරීත්වය බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සතුවේ. [9][10]

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), යාන්ත්‍රණ දෙකක් හරහා ලංකා දුම්කොළ සමාගම (CTC) සහ එහි ක්‍රියාකාරකම් කෙරෙහි බලපායි.

  • විධායක පාලනය - ලංකා දුම්කොළ සමාගමේ පාලක මණ්ඩලයේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි (BAT) විධායක අධ්‍යක්ෂවරුන් හරහා [9]
  • ජාලකරණය - ශ්‍රී ලාංකීක නොවන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි (BAT) සේවකයින් ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ විධායක කමිටුවේ සේවය කරයි.[9] "දක්ෂතා සංවර්ධනය "පිළිබඳ මිනුමක් වශයෙන් ලංකා දුම්කොළ සමාගමේ සේවකයින්ට බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත අනෙකුත් සමාගම්වල රැකියා ලබා දී ඇත. [11]

ලංකා දුම්කොළ සමාගමේ නිලධාරීන්ට අනුව බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි විශිෂ්ට කළමනාකරණයේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සලකනු ලැබේ. [12]

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ (BAT) ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර ලංකා දුම්කොළ සමාගම (CTC) සහ ශ‍්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය යන පිටුවලට පිවිසෙන්න.

TobaccoUnmasked සම්පත්

අදාළ සබැඳි

මූලාශ්‍ර

  1. 1.0 1.1 British American Tobacco, Our History: A time-line, undated, accessed February 2017
  2. British American Tobacco, Website, undated, accessed February 2017
  3. Reference for Business, Reference for Business company profile, 2017, accessed February 2017
  4. British American Tobacco. website, 2017, accessed July 2017
  5. British American Tobacco, British American Tobacco Annual Report 2015, 2017, accessed March 2017
  6. TobaccoTactics.org. British American Tobacco (BAT), May 2017, accessed May 2017
  7. TobaccoTactics.org. BAT Involvement in Tobacco Smuggling, 17 March 2016, accessed May 2017
  8. KE Hendrickson. The Encyclopaedia of the Industrial Revolution in World History, Volume 3, 2015
  9. 9.0 9.1 9.2 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  10. Colombo Stock Exchange. Ceylon Tobacco Company PLC Opens Trading at CSE, 2016, accessed May 2017
  11. The Island. CTC reinvigorates commitment to talent development, 24 March 2016, accessed May 2017
  12. Sunday Times. Ceylon Tobacco: Growing in a controversial market, 18 July 2004, accessed May 2017