ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC)

From Tobacco Unmasked Sinhala
Revision as of 07:06, 15 July 2021 by Reportercct.sinhala (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ලංකා දුම්කොළ සමාගම (CTC), බවර් සහ සමාගම, හෙයින්කන්, HSBC, ලංකා IOC, මාස්ටර්කාඩ් සහ යුනිලීවර් යන බහුජාතික සමාගම් හත එක්ව 2018 වර්ෂයේ මුල් භාගයේ දී ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් පිහිටුවන ලදී. LMNC වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති බහුජාතික ව්‍යාපාරවල වෙළඳ, වාණිජ හා ආයෝජන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.[1]

දුම්කොළ කර්මාන්තයේ සම්බන්ධතා

2018 වන විට ලංකා දුම්කොළ සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් කොස්ට් LMNC හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

2018 සැප්තැම්බර් මාසයේ පැවති ව්‍යාපාරික සංසදය

LMNC විසින් 2018 සැප්තැම්බර් 28 වන දින කොළඹ පිහිටි තරු පහේ හෝටලයක (හිල්ටන් කොළඹ) ව්‍යාපාරික සංසදයක් සංවිධානය කරන ලදී. වාර්තා වූ ආකාරයට "ටේමින්ග් ටයිගර්ස්” නම් පොතෙහි කතුවරයා වූ ජිම් ලෝලස් එහි ප්‍රධාන දේශනය පැවැත් වූ අතර “ජයගත නොහැකි දේ ජය ගැනීම” යන්න එම සංසදයේ තේමාව විය.[2][3][4][5][6][7][8][9]

රූපය 1: ලංකා දුම්කොළ සමාගමෙහි සහ LMNC හි සභාපති මයිකල් කොස්ට්, උත්සවයෙහි ප්‍රධාන දේශක ජිම් ලෝලස්, අමාත්‍ය හර්ෂ ද සිල්වා, අමාත්‍ය සාගල රත්නායක සහ හරීන් ප්‍රනාන්දු "ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC)" උත්සවයට සහභාගී වීම.[1]

මාධ්‍ය වාර්තා වලට අනුව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අවස්ථාවට සහභාගී වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවට සහභාගී නොවූවත් මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඔහු ආරාධනා ලද බවට මාධ්‍ය තව දුරටත් වාර්තා කරන ලදී.[6][3][7]


Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 League of Multinational Corporates. Website, 2018, accessed October 2018
  2. The Island. League of Multinational Corporates hosts inaugural business forum with globally renowned keynote speaker Jim Lawless, 02 October 2018, accessed October 2018
  3. 3.0 3.1 Daily FT. MNCs speak up, 01 October 2018, accessed October 2018
  4. The Island. League of Multinational Corporates presents Jim Lawless in Sri Lanka, 25 September 2018, accessed October 2018
  5. Daily FT. League of Multinational Corporates presents Jim Lawless on Friday, 26 September 2018, accessed October 2018
  6. 6.0 6.1 Daily Mirror. ‘League of Multinational Corporates’ launched, 01 October 2018, accessed October 2018
  7. 7.0 7.1 Daily FT. LMNC League of Multinational Corporates, 29 October 2018, accessed October 2018
  8. Ada Derana Website. League of Multinational Corporates Presents Jim Lawless in Sri Lanka, 26 September 2018, accessed October 2018
  9. Mirror Citizen. League of Multinational Corporates’ launched, 1 October 2018, accessed October 2018