බඩ ඉරිඟු වගා කරන ලෙසට රජය දුම්කොළ ගොවීන්ගෙන් ඉල්ලයි

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

විද්‍යාඥයින්ට අනුව, ශ්‍රී ලංකාවේ කඳුකර ඉඩම්වල වසර ගණනාවක් අධික ලෙස දුම්කොළ වගා කිරීම පාංශු ඛාදනයට හේතු විය. අස්වැන්න අඛණ්ඩව පහත වැටීම නිසා දශකයකට වැඩි කාලයක් තිස්සේ දුම්කොළ වගා කරන ලද ඉඩම් ගොවීන් අත හැර දැමීම එයට ප්‍රධාන හේතුව විය. [1] ආහාර බෝගයක් වීම, ආයෝජන සඳහා හොඳ ප්‍රතිලාභයක් සහිත වීම සහ වඩා පරිසර හිතකාමී වීම නිසා ලොව පුරා විද්‍යාඥයින් සහ රජය දුම්කොළ වගාව සඳහා හොඳ විකල්පයක් ලෙස බඩ ඉරිඟු පෙන්වා දෙයි. [1][2][3]

2007 ජනවාරි මාසයේදී, රට තුළට බඩ ඉරිඟු ආනයනය අඩු කිරීම සඳහා බඩ ඉරිඟු වගා කරන ලෙසට ශ්‍රී ලංකා රජය ගොවීන්ගෙන්, විශේෂයෙන් දුම්කොළ ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය. [4][5]


කර්මාන්ත ප්‍රතිචාර

දුම්කොළ වගා කරන ඉඩම් අක්කර 150 ක ප්‍රදේශයක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කරන බව ලංකා දුම්කොළ සමාගමේ කළමනාකරුවෙකු වන රුක්ෂාන් ගුණතිලක මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. ලංකා දුම්කොළ සමාගමේ දුම්කොළ ව්‍යාප්ති කාර්යය මණ්ඩලය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බඩ ඉරිඟු වැවීම සම්බන්ධව පුහුණුව ඇතුළත්ව රජය සමග "හවුල්කාරිත්වයක්" ලෙස ඔහු සැලැස්ම විස්තර කළේය. [4]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 C Egodawatta, P Stamp, R Sangakkara. Uncovering the Footprints of Erosion by On-Farm Maize Cultivation in a Hilly Tropical Landscape, Agriculture 2013(3), 556-566; doi:10.3390/agriculture3030556, accessed May 2017
  2. M Peiris. Farmers to opt to cultivate other crops instead of tobacco, 05 July 2016, accessed May 2017
  3. The Daily Star. Maize replacing tobacco, 06 January 2017, accessed May 2017
  4. 4.0 4.1 Nation.lk. CTC farmers to plant maize with tobacco, 02 September 2007, accessed May 2017
  5. Financial Times. Govt. asks CTC farmers to plant maize with tobacco, 02 September 2007, accessed May 2017