Outreach Projects (Guarantee) Limited

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

Outreach Projects (Guarantee) Limited හෙවත් Outreach ලංකා දුම්කොළ සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමකි. ලංකා දුම්කොළ සමාගමට අනුව මෙය "තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) යටතේ සිදු කරන ලද සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය හා අවංක භාවය තහවුරු කිරීම" සඳහා පිහිටවූවක් වේ. [1] ලංකා දුම්කොළ සමාගමේ එක් එක් වාර්ෂික වාර්තා වල මෙම සමාගම ස්ථාපනය කරන ලද දිනය වෙනස් ලෙස දක්වා ඇත. සමහරක එය 2007 ලෙස ද සමහරක 2009 ලෙස ද වාර්තා කර ඇත. කෙසේ වුවද, කොළඹ, මහනුවර සහ ත්‍රිකුණාමලය යන නගර වල ස්ථාපිත කාර්යාල තුනක් හරහා 2009 වසරේ සිට එහි මෙහෙයුම් ආරම්භ කර ඇත. [2][3]

ක්‍රියාකාරකම්

මෙම සමාගම මගින් ලංකා දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන (CSI) ක්‍රියාකාරකම් කළමනාකරණය හා ක්‍රියාත්මක කිරීම කරනු ලබයි. මෙමගින් කළමනාකරණය කරන ලද ආයතනික සමාජ ආයෝජන (CSI) ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර පහත දැක්වෙන Tobacco Unmasked පිටුවලින් සොයාගත හැකි වේ. තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) | SADP Plus | SADP Lite | SADP Mega | SADP Ultra

පාලනය

ලංකා දුම්කොළ සමාගමේ 2009 වාර්ෂික වාර්තාවේ Outreach Limited සතු ඔවුන්ගේම අධ්‍යක්ෂ මණ්ඩලයක් විස්තර කරන ලදී. [3][4] කෙසේ වුවද, "එය ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්පූර්ණයෙන්ම පාලනය හා කළමනාකරණය කරයි" යනුවෙන් 2016 වාර්ෂික වාර්තාවේ දක්වා ඇත. ඉහත විස්තර කරන ලද සංවිධාන ව්‍යූහය "රූපය 1" ලෙස උපුටා දක්වා ඇත. ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා විසින් මුලසුන හොබවන ලංකා දුම්කොළ සමාගමේ "ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ " සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත ආයතනික සමාජ ආයෝජන මෙහෙයුම් කමිටුවක් මගින් Outreach Limited හි ක්‍රියාකාරකම් තවදුරටත් අධීක්ෂණය කරනු ලබයි. [1] කෙසේ වුවද, "Outreach Limited ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් පාලනය නොකරන බැවින්" එහි මුදල් වාර්තා එකතු කර නොමැති බව 2009 වසරේ සිට ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවන්හි සියලුම මූල්‍ය අංශවල සඳහන් කර ඇත. [3][4][5][6][1] 2011, 2012 සහ 2013 වසර තුන සඳහා "ඉහත ව්‍යාපෘතිය සඳහා දරන ලද පිරිවැය" යන්න 2013 වාර්ෂික වාර්තාවේ දක්වා ඇත. [7]

රූපය 1: Outreach Projects (Guarantee) Limited හි සංවිධාන ව්‍යූහය [1]

අධ්‍යක්ෂවරුන් හා සේවකයින්

ලංකා දුම්කොළ සමාගමේ 2009 වාර්ෂික වාර්තාවේ Outreach Projects (Guarantee) Limited හි කාර්යය මණ්ඩලය 42 ක් ලෙස වාර්තා කර ඇත. [4] 2012 වාර්ෂික වාර්තාවේ සඳහන් කාර්යය මණ්ඩල සංඛ්‍යාව 25 ක් වන අතර එයින් පස්දෙනෙකු සෘජු සේවකයින් ද 20 ක් "තෙවන පාර්ශවයට " ද අයත් විය. [6] Outreach Limited හි අධ්‍යක්ෂවරුන් ලෙස පහත පුද්ගලයින් ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවල දක්වා ඇත. ඔවුන් සියළු දෙනාම ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අතර ඔවුන් පිළිබඳ විස්තර අදාළ Tobacco Unmasked පිටුවලින් සොයාගත හැකි වේ. අලි නසීර් | දිනේෂ් ධර්මදාස | එමා රිඩ්ලි | ෆෙලිසියෝ ෆෙරස් | ග්රේම් ඒමි | ජයම්පති බණ්ඩාරනායක | කෙන් බාලේන්ද්‍ර | මයිකල් කොස්ට් | එන්. එස්. හේල්ස් | සුසන්ත රත්නායක

ලංකා දුම්කොළ සමාගමේ අරමුදල්

Outreach Limited සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සම්පූර්ණයෙන්ම අරමුදල් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතියේ අරමුදල් ලෙස ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවන්හි සඳහන් සංඛ්‍යා ලේඛන පහත ආකාර වේ.

  • 2011 - රුපියල් මිලියන 62.7 [7]
  • 2012 - රුපියල් මිලියන 50.4 [7]
  • 2013 - රුපියල් මිලියන 49.6 [7]
  • 2014 - රුපියල් මිලියන 45 [8]
  • 2015 - රුපියල් මිලියන 32 [9]
  • 2016 - සඳහන් නොවේ [1]

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සපයා ඇති අරමුදල් ප්‍රමාණය වසරක් පාසා අඩු වීමක් පෙන්නුම් කරන අතර වාර්තා වූ අවසාන වර්ෂයේ දී (2015) ලැබුණු අරමුදල, පළමු වර්ෂයේ දී (2011) ලද අරමුදලින් 50% ක පමණ අගයක් වේ.

TobaccoUnmasked සම්පත්

අදාළ සබැඳි

ලංකා දුම්කොළ සමාගමේ වෙබ් පිටුව

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  2. Ceylon Tobacco Company PLC. Annual Report 2008, 2009, accessed May 2017
  3. 3.0 3.1 3.2 Ceylon Tobacco Company PLC. Annual Report 2009, 2010, Colombo: Ceylon Tobacco Company PLC
  4. 4.0 4.1 4.2 Ceylon Tobacco Company. Annual Report 2010, 2011, accessed May 2017
  5. Ceylon Tobacco Company PLC. Annual Report 2011, 2012, accessed May 2017
  6. 6.0 6.1 Ceylon Tobacco Company PLC. Annual Report 2012, 2013, accessed May 2017
  7. 7.0 7.1 7.2 7.3 Ceylon Tobacco Company PLC. Annual Report 2013, 2014, accessed May 2017
  8. Ceylon Tobacco Company PLC. Annual Report 2014, 2015, accessed May 2017
  9. Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, accessed May 2017